පෞද්ගලික දේපළ, පෞද්ගලික රක්ෂණ ආවරණ, අධි සුඛොපභෝගී වාහන, නිවාස සංකීර්ණයක නාගරික ජීවිතය... මේ සියලු සිහින මිත්‍යාවක් වන්නට ගතවූයේ සති කිහිපයකි.
කුසගින්නෙන්, පිපාසයනේ, ඖෂධ මිලදී ගත නොහැකි දරිද්‍රතාවයෙන් අකාලයේ මියයන මිලියන ගණනක් ජනතාව නෙත නොගැටුණු අප සැමට කොරෝනාව බොහෝ දේ උගන්වමින් සිටී.(https://www.theworldcounts.com/challenges/people-and-poverty/hunger-and-obesity/how-many-people-die-from-hunger-each-year)
ඇතැමුන් පළමු වරට ඇදිරිනීතිය පනවන්නට පැය කිහිපයකට පෙර හා ඇදිරිනීතිය පැය කිහිපයකට ඉවත් කළ පළමු අවස්ථාවක පොර බදමින් අනෙකා පරයමින් අතේ තිබූ මුදලෙහි බලය පෙන්වමින් රැස්කළ සියල්ල දැන් අවසන් වී ඇතුවාට සැකයක් නැත. අසරණයාට වඩා දවසක් හෝ ජීවත්වන්නට පොරබැදුවන් තුල ලජ්ජාවක් හෝ ඉතිරිව ඇත්නම් නැවත සිතා බලන්නට එය ඇත්තෙන්ම ප්‍රමාණවත්ය.
පර්චස් 10ක උස් තාප්ප වලින් කොටුවූ ජීවිත වල හුදෙකලාව තට්ටුකර කියන්නේ කුමක්දැයි සිතා බලන්නට කාලය එළඹ ඇත. අවම වශයෙන් සමස්ත ලාංකීය ජනතාවක් ලෙස අත්පත් කරගන්නා ජයග්‍රහණ මිස පෞද්ගලික ජයග්‍රහණ අතිශය තාවකාලික බව නොවේද? තරගකාරී අධ්‍යපන ක්‍රමයේ පටන් අනෙකා පරයා යාමේ ඉගැන්වීම් සියල්ල කොරෝනාව සුනු විසුනු කොට දමා ඇත.
අලුතින් සිතමු. මේ ඊට හොදම අවස්ථාවයි...
පටු පෞද්ගලික අරමුණු වලින් මිදී රටක් ලෙස නැගිටිමු.
අලුත් මිනිසුන් වෙමු.
පැලැස්තරයක් දමාගැනීමට නොව ක්‍රම වෙනසකට පෙළ ගැසෙමු.