Thursday 30 April 2020

කොරෝනා වෛරස ආක්‍රමණය හමුවේ අපේ අනාගතය

සංඛ්‍යා ලේඛන කල් ඉකුත් වන්නට යන්නේ මිනිත්තු ගණනකි. 1918 - 1919 කාලයේ අතිවූ ස්පඤ්ඤ උණ සංඛ්‍යා ලේඛන වලට අනුව මියගිය සංඛ්‍යාව මිලියන 50ක් බව සදහන් වේ.  ඇතැම් විටෙක මෙය සත්‍යය දැයි #Spanish flu 1918 Pandemic (H1N1 virus) සැක සංකා මතුවන තරමේ දියුණු ලෝකයක ජීවත් වන අපි දැන් දැන් ලෝක වසංගත තත්වයක යථාර්ථය අවබෝධ කරගනිමින් සිටිමු.

පෞද්ගලික දේපළ, පෞද්ගලික රක්ෂණ ආවරණ, අධි සුඛොපභෝගී වාහන, නිවාස සංකීර්ණයක නාගරික ජීවිතය... මේ සියලු සිහින මිත්‍යාවක් වන්නට ගතවූයේ  සති කිහිපයකි. 

කුසගින්නෙන්, පිපාසයනේ, ඖෂධ මිලදී ගත නොහැකි දරිද්‍රතාවයෙන් අකාලයේ මියයන මිලියන ගණනක් ජනතාව  නෙත නොගැටුණු අප සැමට කොරෝනාව බොහෝ දේ උගන්වමින් සිටී.(https://www.theworldcounts.com/challenges/people-and-poverty/hunger-and-obesity/how-many-people-die-from-hunger-each-year)

ඇතැමුන් පළමු වරට ඇදිරිනීතිය පනවන්නට පැය කිහිපයකට පෙර හා ඇදිරිනීතිය පැය කිහිපයකට ඉවත් කළ පළමු අවස්ථාවක පොර බදමින් අනෙකා පරයමින් අතේ තිබූ මුදලෙහි බලය පෙන්වමින් රැස්කළ සියල්ල දැන් අවසන් වී ඇතුවාට සැකයක් නැත. අසරණයාට වඩා දවසක් හෝ ජීවත්වන්නට පොරබැදුවන් තුල ලජ්ජාවක් හෝ ඉතිරිව ඇත්නම් නැවත සිතා බලන්නට එය ඇත්තෙන්ම ප්‍රමාණවත්ය.

පර්චස් 10ක උස් තාප්ප වලින් කොටුවූ ජීවිත වල හුදෙකලාව තට්ටුකර කියන්නේ කුමක්දැයි සිතා බලන්නට කාලය එළඹ ඇත. අවම වශයෙන් සමස්ත ලාංකීය ජනතාවක් ලෙස අත්පත් කරගන්නා ජයග්‍රහණ මිස පෞද්ගලික ජයග්‍රහණ අතිශය තාවකාලික බව නොවේද? තරගකාරී අධ්‍යපන ක්‍රමයේ පටන් අනෙකා පරයා යාමේ ඉගැන්වීම් සියල්ල කොරෝනාව සුනු විසුනු කොට දමා ඇත. 


අලුතින් සිතමු. මේ ඊට හොදම අවස්ථාවයි...
පටු පෞද්ගලික අරමුණු වලින් මිදී රටක් ලෙස නැගිටිමු.
අලුත් මිනිසුන් වෙමු. 
පැලැස්තරයක් දමාගැනීමට නොව ක්‍රම වෙනසකට පෙළ ගැසෙමු.


Tuesday 28 April 2020

කුඩා ව්‍යාපාර අනතුරේ...

රටේ උද්ගත වී ඇති තත්වය හමුවේ:

       කුඩා කර්මාන්ත කරුවන්,
       සුළු ව්‍යාපාරිකයකයන්
       කුඩා කෘෂි ඒකක පවත්වාගෙන යන්නන්
පත්ව ඇති අපහසුතාවය පිළිබදව ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු යැයි සිතමි.

සුළු මුදලක් ආයෝජනය කරමින් සහ කුඩා ප්‍රමාණ වල ක්ෂුද්‍ර ණය ලබාගනිමින් ආරම්භ කළ ආයතන/ ව්‍යාපාර බිද වැටීමට මේ ගතවූ කාලය හොදටම ප්‍රමාණවත්ය. එම ආයතන වල රැකියා කර සේවකයන් ගණන මිලියන ගණනකි. ඔවුන්ගේ රැකියා ද අනතුරකය.

රටේ ආර්ථිකයේ විශාල කොටසකට දායකත්වය සපයන කුඩා කර්මාන්ත කරුවන්, නිෂ්පාදකයින්, කෘෂි කර්මාන්තවල නියැලෙන්නන්, සේවා සපයන්නන් ආරක්ෂා කිරීමට ආණ්ඩුව අසමත් වුවහොත් රටේ ආර්ථිකය පමණක් නොව සමස්ථ පද්ධති සියල්ලම උඩුයටිකුරු වනු ඇත.






A good collection of stationery for your bookshop, Communication Business or Office. ලිපි ද්‍රව්‍ය වයාපාරයකට අවශ්‍ය සියලු දේ

 ඔබේම ලිපිද්‍රව්‍ය ව්‍යාපාරයක්  අරඹන්න. දැනටමත් පවතින වයාපාර පුළුල් කර ගන්න  අපට කතා කරන්න. ** ලිපිද්‍රව්‍ය සැපයීම  ** නිෂ්පාදනය ** වයාපාර ප...